Catholic Action in Ceylon by L H Meththananda

Catholic Action in Ceylon by L H Meththananda

එදා එල්. එච්. මෙත්තානන්ද මහතා 1950 ගණන්වලදී බෞද්ධ ජාතික බලවේගය ආරම්භ කළේද බෞද්ධ අයිතිවාසිකම් ආරක්‍ෂා කරදීම සඳහා ය. කතෝලික බලවේග විසින් බෞද්ධයාගේ අයිතීන් යටපත් කිරීම සඳහා කටයුතු කරන විට එයට එරෙහි වෙමින් මෙත්තානන්ද මහතා ජාතික පුනරුද ව්‍යාපාරයක්‌ ආරම්භ කළේ ය. Catholic Action in Ceylon නමැති කුඩා ග්‍රන්ථය පළ කළේ ද මෙත්තානන්ද මහතා විසිනි. එදා බලවත්හු මෙත්තානන්ද මහතා ආගම්වාදියෙක්‌, මූලධර්මවාදියෙක්‌ ලෙස ‘ලේබල්’ කරන්නට උත්සාහ ගත්හ. නමුත් මෙත්තානන්ද මහතා සිදු කළේ අසරණ බෞද්ධයා නගා සිටුවීම වෙනුවෙන් වූ ජාතික මෙහෙවරයි. මෙත්තානන්ද මහතාගේ මූලිකත්වය යටතේ බෞද්ධ ජාතික බලවේගය තුළින් මෙරටේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් මොනවාද යන්න පැහැදිලිව රටට එළිදැක්‌වීය. එවක පුවත්පත් කිහිපයක්‌ විසින් බුද්ධාගමටත්, බෞද්ධයන්ටත් පහර දෙද්දී ඒවාට එරෙහිව පුවත්පත් කොමිසමක්‌ ඉල්ලා උද්ඝෝෂණය කළේ ද මෙත්තානන්ද මහතා විසිනි. 1956 පෙබරවාරි 04 වැනිදා ජාතියට ඉදිරිපත් කරන ලද බෞද්ධ තොරතුරු පරීක්‍ෂණ සභා වාර්තාවේ බෞද්ධ අධ්‍යාපනය නමැති පරිච්ඡේදය ලියන ලද්දේ ද ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයකු ලෙසත් සේවය කළ එල්. එච්. මෙත්තානන්ද මහතා විසිනි.

Close Menu